න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සංවර්ධනය පිළිබඳ ජපානය සහ ඇමරිකාව එකඟතාවයකට


රටවල් දෙක න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා ශක්තිමත් කිරීම සඳහා එකඟතාවයකට එළඹ ඇත.

.

ජපානය සහ එක්සත් ජනපදය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සංවර්ධනය කිරීමේ සහයෝගීතාව ඇතුළුව න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා ශක්තිමත් කිරීම සඳහා එකඟතාවයකට එළඹ ඇත.

මේ අනුව එක්සත් ජනපදයේ සංචාරයක නිරත වන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය නිෂිමුරා හෙට(09) දින වොෂින්ටනයේදී එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ බලශක්ති ලේකම් ග්‍රැන්හෝම් හමුවීමටද නියමිතය.

සාම්ප්‍රදායික න්‍යෂ්ටික බලාගාරවලට වඩා ආරක්ෂිත යැයි කියන නව්‍ය සැහැල්ලු ජල ප්‍රතික්‍රියාකාරක න්‍යෂ්ටික බලාගාර සහ ප්‍රථමයෙන් එක්සත් ජනපදයේ සංවර්ධනය කෙරෙන කුඩා මොඩියුලර් ප්‍රතික්‍රියාකාරක (SMRs) සංවර්ධනය කෙරෙහි මෙහිදී අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

71 Views

Comments