පසුගිය සෙනසුරාදා දින ජපානයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළු වීමේ විභාග වලට පෙනී සිටීමට පැමිණි ශිෂ්‍යයන් තුන්දෙනෙකුට විභාග මධ්‍යස්ථානවල පිවිසීමේ දොරටුව අසලදී අසල දී පිහි ඇනුම් පාරවල් සිදුකර ඇත.
මෙසේ පිහි ඇනුම් පාරවල් වලට ලක් වී ඇත්තේ ජපානයේ උසස් පාසල් වල ඉගෙනුම ලබමින් සිටි ගැහැණු දරුවෙක් ,පිරිමි දරුවෙක් සහ වයස අවුරුදු හැත්තෑවක් පමණ වන පිරිමි පුද්ගලයෙකි.
උදෑසන අටයි තිහට පමණ විභාගය පටන් ගැනීමට පෙර සිදුකර ඇති මෙම පිහි ඇනුම් වලින් තුවාල ලැබූ තිදෙනා වහාම රෝහල් ගත කර ඇති අතර එය සිදු කළා යැයි සැකකෙරෙන 17 හැවිරිදි සිසුවා පොලිසිය විසින් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත .විභාග මධ්‍යස්ථානය අසල දී සිදුවූ යම් බහින්බස්වීමක් මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇතැයි සැක කෙරෙයි .