ලොව හොඳම නගර අතරින් තෙවැනි තැන තෝකියෝවට


තෝකියෝ නගරය මෙලෙස තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ අඛණ්ඩව හත් වැනි වරටයි.

.

Mori Building පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද නගර ශ්‍රේණිගත කිරීමකට අනුව තෝකියෝ නගරය තුන්වැනි ස්ථානයට පත්ව ඇත. ඒ අඛණ්ඩව 7 වැනි වරටයි.

ලන්ඩනය පළමු ස්ථානයට පත්ව ඇති අතර දෙවැනි ස්ථානයට නිව්යෝර්ක් පත්ව ඇත.

Mori Memorial Foundation හි නාගරික උපාය මාර්ග පිළිබඳ ආයතනය "පරිසරය" සහ "පර්යේෂණ සහ සංවර්ධනය" ඇතුළුව කාණ්ඩ හයක් යටතේ ලොව පුරා නගර 48ක් මේ සඳහා යොදාගෙන ඇත.

මේ අතර ඕසකා 37 වැනි ස්ථානයටත්, ෆුකුඕකා 42 වැනි ස්ථානයටත් පත්ව ඇති අතර, තායිලන්තයේ බැංකොක් 40 වැනි ස්ථානයට පත්ව ඇත.

175 Views

Comments