G20 සාකච්ඡා Bali හිදී ආරම්භ වේ


G20 සාකච්ඡා ආරම්භ වේ

.

ගෝලීය සහයෝගීතාවය, ආරක්ෂාව මෙන්ම ආහාර සහ බලශක්තිය කෙරෙහි අවධානය යොමු කළ න්‍යාය පත්‍රයන්  නොතකා ලොව ප්‍රමුඛ පෙළේ ධනවත් රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් නියෝජනය කරන G20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් ඉන්දුනීසියාවේ "හින්දු දෙවියන්ගේ දූපතේ" පිහිටි නිවාඩු නිකේතනයක් වන Bali හිදී සිකුරාදා දින එක් රැස් වී රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයේ බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. 

 

රුසියානු ජනාධිපති Vladimir Putin සංසදයෙන් ඉවත් නොකළහොත් නොවැම්බරයේ පැවැත්වෙන G-20 හි Bali සමුළුව වර්ජනය කරන බවට තර්ජනය කිරීම වැනි සම්බාධක පැනවීමට එක්සත් ජනපදය සහ එහි සහචරයින් උත්සාහ දරා ඇති නමුත් ඉන්දුනීසියානු ජනපති Joko Widodo විසින් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy හට ද සමුළුව සඳහා ආරාධනා කර ඇති බව පැවැසේ . 

 

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ගෝලීය වෙලඳපොළ යටපත් වී මස්, කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, සීනි සහ එළවළු තෙල් මිල තියුනු ලෙස ඉහල ගොස් ඇති අවස්ථාවක ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම සෙවීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත . 

 

"මෙම සංචාර ඉන්දුනීසියානුවන්ට පමණක් නොව අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ද වැදගත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින සහ අඩු ආදායම්ලාභී රටවල ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් හා කුසගින්නෙන් පෙළීම වැළැක්වීම සඳහා ය" යනුවෙන් ඉන්දුනීසියානු ජනපති Widodo මීට පෙර Jakarta හිදී පැවැති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ.

178 Views

Comments