මව ඝාතනය කල බවට පාපොච්චාරණය කල පුත්‍රයා


අදාල සැකකරු 34 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි

.

ටොචිගි ප්‍රාන්තයේ මිබු හි පොලිසිය විසින් 34 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු තම 64 හැවිරිදි මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා පසුගිය සෙනසුරාදා උදෑසන 9 ට පොලිස් ස්ථානයකට තම මව ඝාතනය කළ බව පැවසා ඇත.පසුව පොලිසිය නිවසට ගොස් බැලූ විට එම පුද්ගලයාගේ මවගේ පපුවේ සහ මුහුණේ පිහි ඇනුම් තුවාල කිහිපයක් දක්නට ලැබිණි.  ඇයව රෝහලට ගෙන ගිය අතර එහිදී ඇය මියගොස් ඇති බව වාර්තා විය.

අදාල සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නේද යන්න තීරණය කිරීම සඳහා මනෝ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

 

146 Views

Comments