Niigata ප්‍රාන්තයේ Kashiwazaki නගරයේ මාර්ග අංක 8 හි දිගු වාහන පෝලිමක් නිර්මාණය වී තිබේ.
අධික හිම පතනය හේතුවෙන් හොකුරිකු අධිවේගී මාර්ගය වසා දැමීමෙන් ජාතික මාර්ග අංක 8 වෙත මෝටර් රථ ගලා ඒමෙන් මෙම තදබදය ඇතිවී තිබේ.
කෙසේවෙතත් නගරයේ නගරාධිපති Masahiro Sakurai මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඕනෑම තත්වයක් යටතේ අධිවේගී මාර්ගය විවෘත කිරීමට තමා කටයුතු කරන බවයි.