තරුණියන්ගේ බර සහ ආහාර පුරුදු පිළිබඳ නව සමීක්ෂණයක් දියත් කළ ජපාන රජය


ජපාන තරුණියන්ගේ ආහාර රටා පිළිබඳව එරට නවතම සමීක්ෂණයක් සිදු කරයි

.

රට තුළ ව්‍යාප්තව සිටින අඩු බරක් සහිත තරුණ වැඩිහිටි කාන්තාවන්ගේ ඉහළ ප්‍රතිශතය අඩු මට්ටමකට ගෙන ඒමේ උත්සාහයේ කොටසක් ලෙස ශරීර රූපය පිළිබඳ ආකල්ප, ආහාර සහ ජීවන රටා පුරුදු ඇතුළු ගැටළු විමර්ශනය කිරීම සඳහා ජපාන රජය විසින් නව පර්යේෂණ කණ්ඩායමක් පිහිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා නිවේදනය කළේය.

 

මීට පෙර ජාතික සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධව සිදුකරන ලද සමීක්ෂණයට අනුව  වයස අවුරුදු 20 සීමාව තුළ සිටින කාන්තාවන්ගෙන් 20.7% ක BMI අගය 18.5 ට වඩා පහළ මට්ටමක එනම් අඩු බර මට්ටමේ පවතින අතර 70.4% ක BMI අගය 18.5 සහ 24.9 අතර සාමාන්‍ය බරක් ලෙස සටහන්ව තිබිණි . ඉතිරි 8.9%  ක BMI අගය 25 එනම් අධි බර මට්ටමේ පවතී. 

 

බර අඩු වීම සාමාන්‍යය කාන්තාවකගේ මෙන්ම ගර්භනී කාන්තාවකගේ සෞඛ්‍යයට වැඩි අවදානමක් ඇති කරන අතර අලුත උපන් දරුවන්ට ද එමඟින් සෞඛ්‍යමය වශයෙන් අතුරු ප්‍රතිඵල ඇතිවීම සිදුවේ. එමෙන්ම ආහාර ගැනීම සීමා කිරීම මන්දපෝෂණය සහ රක්තහීනතාවය ඇතිවීමට හේතු වන අතර ආහාර අරුචිය වර්ධනය වන තරමට කෙට්ටු වීමට කැමති පුද්ගලයින් ද සිටින බව සෞඛ්‍ය විශේෂඥයින් මෙහිදී සදහන් කලහ. 

 

එනිසා සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මගින් සාමාන්‍ය බරක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති අතර අඩු බර සහිත මව්වරුන්ට ඉපදෙන දරුවා ග්‍රෑම් 2500ක් හෝ ඊට අඩු බරින් යුක්ත නම් පෝෂ්‍ය පදාර්ථ පහසුවෙන් ගබඩා කරන ශරීර සංයුතියක් තිබීමට වැඩි ඉඩක් ඇති බවත්, වැඩිහිටි වියේදී පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව වැනි ජීවන රටාව ආශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් මෙහිදී පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ.

Comments