බීමතින් පුද්ගලයෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

.

30 හැවිරිදි පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු සපෝරෝ හි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සුසුකිනෝ දිස්ත්‍රික්කයේ අලුයම 2:30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බව  පොලිසිය පැවසුවේය. 

අදාල පුද්ගලයන් දෙදෙනා අසල පිහිටි තැබෑරුමක එක්ව මත්පැන් පානය කර ඇති අතර එම අවස්ථාවේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර තිබේ.

පසුව පහර කෑ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් පැවසුවේ ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවයි.  

 

109 Views

Comments