කාන්තාවන් පිරිසකට දියරයක් ඉසූ සැකකරුවන් සොයා විමර්ශනයක්


මෙමගින් කාන්තාවන් 9 දෙනෙකුට හානි වී ඇත.

.

පෙරේදා(08) කිටකියුෂු නගරයේ පැවති 20 වැනි සංවත්සර උත්සවයට සහභාගී වූ කාන්තාවන්ගේ ඇඳුම් වෙත කිසියම් පිරිසක් විසින් තීන්ත වැනි දියරයක් ඉසින ලදී.

මෙමගින් කාන්තාවන් 9 දෙනෙකුට හානි වී ඇති බව ෆුකුඕකා ප්‍රාන්ත පොලිසියේ කොකුරා කිටා පොලිස් ස්ථානය තහවුරු කර ඇත.

මෙම පිරිස උත්සවය පැවැත්වෙන ස්ථානයට පැමිණෙමින් සිටින අතරතුර කවුරුන් හෝ පිටුපසින් දියර වත් කළ බව විශ්වාස කෙරේ.

කෙසේවෙතත් සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

109 Views

Comments