ජපාන බ්‍රසීල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්


ජපාන විදේශ අමාත්‍යවරයා මේ දිනවල බ්‍රසීලයේ සංචාරයක නිරත වී සිටියි.

.

බ‍්‍රසීලයේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය හයාෂි ඊයේ(09) පෙරවරුවේ බ‍්‍රසීල විදේශ අමාත්‍ය Vieira හමුවිය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූහ.  නිදහස් හා විවෘත ජාත්‍යන්තර පිළිවෙලක් පවත්වාගෙන යාමට සහ ශක්තිමත් කිරීමට එක්ව කටයුතු කිරීමේ ප්‍රතිපත්තියද මෙහිදී ඔවුහු තහවුරු කළහ.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් විසින් ජනාධිපති මන්දිරයට සහ අනෙකුත් ස්ථානවලට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව හයාෂි මෙහිදී ප්‍රකාශ කළේය.

133 Views

Comments