නිවසක් කොල්ල කෑ තිදෙනෙක් සොයා පරීක්ෂණ


මොවුන් 70 හැවිරිදි කාන්තාවකගේ නිවසක් කඩා මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇත.

.

70 හැවිරිදි කාන්තාවකගේ නිවසක් කඩා මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු සොයා Kanagawa ප්‍රාන්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පළමු මහලේ ජනේලයක් කඩා අදාල සැකකරුවන් කාන්තාවගේ නිදන කාමරයට කඩා වැදී ඇත.

පසුව ඇගේ දෑත්,පාද සහ මුඛය පටියකින් බැඳ කාන්තාවගේ මුදල් පසුම්බිය සහ ආභරණ කිහිපයක් ගෙන පලා ගොස් ඇති බව වාර්තා වේ.

එක් සැකකරුවෙකු මිටියකින් පහරදීමෙන් කාන්තාවගේ වම් අතට තුවාල සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

 

123 Views

Comments