Tokaiහි වාර්ෂික විසිතුරු මසුන් වෙන්දේසිය ඊයේ


ජපානයේ ප්‍රමුඛතම Gold Fish මසුන්  නිෂ්පාදනය කරන ප්‍රදේශය වන්නේ අයිචි ප්‍රාන්තයයි

.

ජපානයේ ප්‍රමුඛතම Gold Fish මසුන්  නිෂ්පාදනය කරන ප්‍රදේශයක් වන අයිචි ප්‍රාන්තයේ Yatomi City හි Tokai විසිතුරු මත්ස්‍ය තොග වෙළෙඳපොළ ඊයේ(11) සිය වාර්ෂික මසුන් වෙන්දේසිය පවත්වන ලදී.

එහිදී රතු, සුදු, තැඹිලි සහ කළු ඇතුළු වර්ණවත් මසුන් 230,000 ක් පමණ ලී ඔරුවල තබා උත්සව භූමියේ ඇති පොකුණ පුරවා තිබුණි.

වෙළඳපොලේදී තැරැව්කරුවන් 40ක් පමණ මසුන් සඳහා ලංසු තැබූහ. 

එහිදී ඉහළම මිල ලැබුණේ රතු සහ සුදු රටාවක් සහිත "Sarasawaki" නම් මසුන් විශේෂයකට වන අතර ඒ යෙන් 10,000 කි. 

121 Views

Comments