දුම්රියේ ගැටී සිසුවෙක් මරුට


මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රාථමික පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

.

ඊයේ(12) සවස 4:05 ට පමණ නගානෝ ප්‍රාන්තයේ ෂියෝජිරි නගරයේ Hirooka Yoshida හි JR Shinonoi හි දුම්රිය හරස් මාර්ගයකදී ප්‍රාථමික පාසල් සිසුවෙකු දුම්රියේ ගැටී තිබේ.

සිද්ධියෙන් සුලු මොහොතකට පසු ෂියෝජිරි පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගිය අතර දුම්රිය හරස් මාර්ගයේ තිබී සිසුවාගේ මළ සිරුර සොයා ගන්නා ලදී.  

මෙලෙස මියගොස් ඇත්තේ අසල ප්‍රාථමික පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

කෙසේනමුත් අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය එලාම් එක ක්‍රියාත්මක වී තිබූ අතර ගේට්ටුවද පහත වැටී තිබුණු බව පොලිසිය පවසයි.

 

81 Views

Comments