ඡායාරූපකරණයේ කාන්තා පුරෝගාමීයා අභාවප්‍රාප්ත වෙයි


Tsuneko Sasamoto අභාවප්‍රාප්ත වේ

.

ස්වාධීන මනසක් ඇති කාන්තාවන් නිරූපණය කිරීමට අවධානය යොමු කළ සහ ජපානයේ පුරෝගාමී කාන්තා ඡායාරූප මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළ 107 හැවිරිදි වියේ පසු වූ Tsuneko Sasamoto මහලු වියට පත්ව දුර්වල වීම හේතුවෙන් පසුගියදා අභාවප්‍රාප්ත වූ බව ඇයගේ සමීප ආරංචි මාර්ග සඳුදා ප්‍රකාශ කළේය. 

 

Kanagawa ප්‍රාන්තයේ සාත්තු නිවාසයක රැදී සිටියදී අගෝස්තු 15 වන දින අවසන් හුස්ම හෙලූ Sasamoto, දෙවන ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපදය සමඟ යුද්ධය ආරම්භ වීමට මොහොතකට පෙර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැනි ජපානයේ නවීන ඉතිහාසය ලේඛනගත කිරීම සඳහා මෙන්ම වර්ෂ 1960 දී දෙරට අතර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ආරක්ෂක ගිවිසුමට එරෙහිව එල්ල වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට ද තම දායකත්වය දක්වා තිබේ . 

 

1914 දී Tokyo නගරයේ උපත ලද Sasamoto වසර 70 කට වැඩි කාලයක් ඡායාරූප ක්ෂේත්‍රයේ නියැලී සිටි අතර සියවස් සපිරුණු තැනැත්තියක් වශයෙන් ක්‍රියාශීලීව තම ක්ෂේත්‍රයේ කටයුතු කළාය. වර්ෂ 2016 දී ඇයගේ සියලු කැපකිරීම් සහ කුසලතාවයන් වෙනුවෙන් ලුසී සම්මානය ඇයට හිමිවූ අතර ක්ෂේත්‍රය තුළ නියැළෙන කාන්තාවක ලෙසින් සමස්ථ ගෝලීය අවධානය දිනාගැනීමට ද ඇය සමත් වුවාය.

153 Views

Comments