ඇමති Watanabeගෙන් හෙළිදරව්වක්


ඔහු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයායි.

.

තමන් නායකයා ලෙස කටයුතු කරන දේශපාලන පක්ෂ ශාඛාවට 2021 වසරේ දේශපාලන සංවිධානයකින් යෙන් ලක්ෂ 3ක පරිත්‍යාගයක් ලැබුණද එය දේශපාලන අරමුදල් ආදායම් වියදම්වල සඳහන්ව නොමැති බව ප්‍රතිසංස්කරණ අමාත්‍ය වටනබේ මහතා ඊයේ(13) පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී පැවැසීය.  

රාජ්‍ය කාර්යාල මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාවට ලක්ව ඉල්ලා අස් වූ Kenya Akibaගෙන් පසු වටනබේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස පත්විය.

මේ අතර ඔහුගේ අනාගත ස්ථාවරය ගැන විමසූ විට ඔහු පැවසුවේ මෙය නැවත කිසි දිනෙක සිදු නොවන බවට වග බලා ගැනීමට තමාට අවශ්‍ය වන අතර ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ දෙන ලෙසයි.

77 Views

Comments