සීඝ්‍රගාමී දුම්රියක් උමං තාප්පයක ගැටේ


ඊයේ(13) රාත්‍රී 7:19 ට පමණ Keio Inokashira සීඝ්‍රගාමී දුම්රිය මෙම අනතුරට මුහුණ පා ඇත.

.

ඊයේ(13) රාත්‍රී 7:19 ට පමණ Keio Inokashira සීඝ්‍රගාමී දුම්රිය Shinsen සහ Shibuya දුම්රිය ස්ථාන අතර උමගෙහි තාප්පයක ගැටී අනතුරක් සිදුවිය.

Keio Electric Railway පවසන පරිදි මෙමගින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

මේ හේතුවෙන් ෂිබුයා සහ මෙයිඩයිමේ දුම්රිය ස්ථාන අතර ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන ලදී.

කඩා වැටුණු බැම්ම ඉවත් කිරීමෙන් පසු රාත්‍රී 8:35 ට පමණ දුම්රිය සේවාව නැවත ක්‍රියාත්මක විය.

119 Views

Comments