පැතිර යන කොරෝනා වසංගතය හමුවේ ලෝකය දැඩි ආර්ථික අර්බුදයකට පත් වී ඇති අතර බොහෝ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයට පත් වෙමින් දිළිඳුකම තව වැඩි ඇති මොහොතක ලෝකයේ දනවත්ම පුද්ගලයන් දස දෙනාගේ වත්කම් දෙගුණ තෙගුණ වී ඇති බව ආරංචි මාර්ග පවසයි .
මේ හේතුවෙන් ලෝකය පුරා වර්ධනය වී ගෙන යන ආර්ථික අසමානතාවය සැලකිල්ලට ගනිමින් එය දුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙස ලෝක ආර්ථික සමුළුවෙන් ඉල්ලුම් කරමින් ලෝකය පුරා මිලියන හා බිලියනපතියන් සියයකට අධික සංඛ්‍යාවක් විවෘත ලිපියකට අත්සන් තබා ඇත.
ඔවුන් මෙම ලිපියේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ වර්ධනය වෙන මෙම අසමානතාව හේතුවෙන් අනාගතයේ ලෝකය විශාල ගැටලු රැසකට මුහුණදීමට සිදුවිය හැකි බැවින් මෙම ගැටලුවට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙසයි.