Nikko හි පිහිටි  විශ්මයජනක ජපන් භාවනා මධ්‍යස්ථානය


ජපානයේ අපූරු ගෘහ නිර්මාණ ශිල්පය කින් සමන්විත භාවනා මධ්‍යස්ථානය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනී

.

වර්තමානයේදී පවා ජපාන රාජධානියේ පවතින වඩාත්ම කැපී පෙනෙන ලී-ව්‍යුහාත්මක ඉදිකිරීම් වලින් එකක් ලෙස හැඳින්විය හැකි Tamozawa Imperial Villa අනුස්මරණ උද්‍යානය Nikko හි පිහිටා ඇති අතර කාමර 106 ක ධාරිතාවකින් යුක්ත සංචාරක ආකර්ෂණය උපරිම වූ ස්ථානයකි . 

 

නවීකරණය කරන ලද බටහිර ගෘහ නිර්මාණ ශිල්පයේ සහ සාම්ප්‍රදායික ජපන් ගෘහ නිර්මාණ ශිල්පයේ  සම්මිශ්‍රණයක් ලෙස ගොඩනංවා ඇති උද්‍යානය නිවාඩු  ගත කිරීමට පැමිණෙන සංචාරකයින්ගේ සහ ප්‍රදේශයේ වැසියන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ .  

 

අතීතයේදී Tokugawa පවුලේ සාමාජිකයන්ගේ ඥාතීන්ගේ නිවසක් වූ උද්‍යානය පසුව බලධාරීන් විසින් උෂ්ණත්වය අඩු Nikko නගරයට ගෙනැවිත් නැවත ස්ථාපනය කොට ඇති බව සදහන් වන අතර මෙහි ඇති අපූරු වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි වලට අමතරව, නරඹන්නන් හට කැමති නම් වාඩි වී භාවනා කළ හැකි විශ්මයජනක ජපන් උද්‍යානයක් Tamozawa හි දැකිය හැකි වේ.

Comments