ජපානයට අනතුරු ඇඟවේ...


ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ...

.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ, ජපානයට නැගෙනහිර වායු කලාපයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වී එය නැගෙනහිර ජපානය දෙසින් ඇතුළු වන නිසා, පෙබරවාරි 10 සහ 11 යන දින දෙක තුළදී නැගෙනහිර ජපානයේ Kanto-koshin ප්‍රදේශය තුළ අධික හිම පතනයක් වාර්තා විය හැකි බවයි.

තවද මධ්‍යම ජපානයේ ටෝකියෝ ඇතුළු Shizuoka ප්‍රාන්තයේ නගර කිහිපයකට ද අධික හිම පතනයක් සහ දැඩි සුළං බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම හිම හිමපතනය සෙන්ටිමීටර් 5 සිට 10 දක්වා ආරම්භ වී, සෙන්ටිමීටර් 23ක් දක්වා වැඩිවිය හැකි බව ද ඔවුන් අනාවැකි පල කර සිටී.

Comments