මියන්මාර සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්ෂක Htun Zaw Win ඊයේ එරට හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
වසරකට අධික කාලයක් සැඟවි සිටි ඔහු, අත්‍යවශ්‍ය සැකකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණු අතර මියන්මාරය දැනට පවත්නා හමුදා පාලනය විසින් ඔහු ග්‍රහණය කර ගැනීමට විශාල උත්සාහයක් දරා තිබුණි. මියන්මාරයේ හමුදා පාලනයට විරුද්ධව රාජ්‍ය සේවකයින් සහ කම්කරුවන් පොළඹවා උද්ඝෝෂණ වලට යොමු කිරීම Htun Zaw Win ට එල්ල වූ චෝදනා අතර ප්රමුඛ වේ. 48 හැවිරිදි වියේ පසුවන Htun, ඉතා දීර්ඝ කාලයකට පසුව සිය නිවසට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගන්නා ලද බව සැලවේ.