මරණ දණ්ඩනය හිමිව සිටි කාන්තාවක් ආහාර සිරවීමෙන් මරුට


ඇය 49 හැවිරිදි Miyuki Ueta නම් කාන්තාවකි.

.

2009 වසරේ බටහිර Tottori ප්‍රාන්තයේ මිනිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය හිමි වූ කාන්තාවක් ආහාර හිරවීමෙන් මිය ගිය බව අධිකරණ අමාත්‍යාංශය ඊයේ(15) ප්‍රකාශ කළේය.

ඒ 49 හැවිරිදි Miyuki Ueta නම් මෙම කාන්තාවකි.

ඇයගේ සිරුර පරීක්‍ෂා කළ බාහිර වෛද්‍යවරයකු විසින් මරණයට හේතුව තහවුරු කළ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

2009 අප්‍රේල් මාසයේදී ට්‍රක් රථ රියදුරෙකුට මත්ද්‍රව්‍ය පානය කරවා මුහුදේ ගිල්වා මරා දැමීම සම්බන්ධයෙන් හිටපු බාර් සේවකයෙකු වූ මැයට එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී  මරණ දණ්ඩනය හිමි විය.

 

77 Views

Comments