දැනට මිලියන තුනක රැකියා ප්‍රමාණයක් ජපානයේ තිබෙන බැවින් තරුණයින්ට ජපානයට යෑමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් පවතින බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රනසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ සඳහා ජපන් භාෂාව ඉගෙන ගැනීම, වෘත්තිය පුහුණුව ලබා ගැනීමෙන් පසු අදාළ විභාගය සමත් වීම මෙන්ම ජපන් සංස්කෘතිය ගැන ඉගෙන ගැනීම ආදී සුදුසුකම් සපුරා ගැනීමට අවුරුද්දයි මාස දෙකක් වැනි කාලසීමාවක් පසු කළ යුතු බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.