පුද්ගලයෙකු පැහැරගත් සත්දෙනෙකු කොටුවේ


30 හැවිරිදි ව්‍යායාම් මධ්‍යස්ථානයක හිමිකරුවෙකුද මේ අතර වේ.

.

කියෝතෝ ප්‍රාන්ත පොලිසිය විසින් 30 හැවිරිදි ව්‍යායාම් මධ්‍යස්ථානයක හිමිකරුවෙකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පිරිස විසින් ඕසකා හි නිෂි-කු හි ව්‍යායාම ශාලාවක තනි පුද්ගල පුහුණුව ලබමින් සිටි 32 හැවිරිදි ඕසකාහි රැකියා විරහිත පුද්ගලයෙකු පැහැර ගෙනගොස් දින 24ක් සිරකරගෙන සිට ඇත.

පැහැරගත් පුද්ගලයා සතුව විශාල ක්‍රිප්ටෝ වත්කම් තිබී ඇති අතර ඔහුගේ වත්කම් වෙනත් ගිණුමකට මාරු කිරීමට අදාල පිරිස කටයුතු කර ඇත.

 

150 Views

Comments