පෙර නොවූ විරූ ලෙස සීඝ්රයෙන් හා කඩිනමින් සිදුවන omicron වෛරස ප්‍රභේදයේ පැතිරයාම මධ්‍යයේ වුවත්,covid 19 සඳහා වන රෙගුලාසි යාවත්කාලීන කිරීමටත් ජපාන රජය තීරණය කර ඇති බව සැලවේ.
පසුගියදා ජපානයේ ටෝකියෝ හි පිහිටි ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එරට සෞඛ්‍ය ඇමති Shigeyuki Goto මහතා ප්‍රකාශ කළේ, Covid සමීප ආශ්‍රිතයන් සදහා වන නිරෝධායන කාලය දින 14 සිට 10 දක්වා අඩු කිරිමට තීරණය කරන ලද බවත් සහ අත්‍යවශ්‍ය සේවා වල නියුතු වූවන් සදහා එය දින 6 තෙක් අඩු කරන ලද බවත්ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ , Booster එන්නත් ලබාදීම කඩිනම් කරන ලෙස අදාළ අංශ වලට දැනුම් දී ඇති බවයි. එමෙන්ම සියලුම නාගරික අධිකාරී ආයතන සඳහා මේ වන විටත් උපදෙස් නිකුත් කර ඇත්තේ ,අත්‍යවශ්‍ය සේවා ලෙස වර්ගීකරණය කරන ලද සේවාවන් වල සේවයේ නියුතු සේවකයන් සඳහා මෙම නිරෝධායන නව නීති අනුගමනය කරන ලෙසයි.
මේ වන විට ජපානයේ omicron පැතිරී පැතිරීයාම 80% කින් පමණ වේගවත් වී ඇති බව සැලයි