ජපාන ජාතික සංචාරක සංවිධානය ඊයේ(18) නිවේදනය කළේ 2022 දී ජපානයට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 3,831,900 ක් වන අතර එය 2021 දී වාර්තා වූ 245,862 ට වඩා 15.5 ගුණයකින් වැඩි බවයි.
ඒ අනුව දකුණු කොරියාවෙන් 1,012,700 ක්ද, තායිවානයෙන් 331,100 ක් ද, එක්සත් ජනපදයෙන් 323,500 ක් ද, වියට්නාමයෙන් 284,100 ක් ද, හොංකොං රාජ්‍යයෙන් 269,300 ක් ද ලෙස සංචාරකයින් ජපානයට පැමිණ ඇත.