පෙම්වතිය ඝාතනය කල පෙම්වතා අත්අඩංගුවට


ඔහු 31 හැවිරිදි ආපනශාලා සේවකයෙකි.

.

මෙම සතිය මුලදී ෆුකුඕකා හි වීදියකදී තම හිටපු පෙම්වතියට මාරාන්තික ලෙස පිහියෙන් ඇනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සුසුමු ටෙරාවුචි නම් අදාල පුද්ගලයා මිකී කවානෝ නම් තරුණිය සමඟ වෙන්වීමෙන් පසු ඇය පසුපස හඹා යෑම නතර කරන ලෙස පොලිසිය පසුගිය වසරේ නියෝගයක් නිකුත් කර තිබියදී මෙම ප්‍රහාරය සිදු විය.  

ඔහු අපරාධය පාපොච්චාරණය කර ඇති බව පොලිසිය පවසයි.

31 හැවිරිදි ආපනශාලා සේවකයෙකු වන ටෙරවුචි සවස 6:15 ට පමණ 38 හැවිරිදි කවානෝට 10 වතාවකට වඩා පිහියෙන් ඇන ඇත.  

පොලිසිය එම ස්ථානයේ තිබී ටෙරාවුචිගේ ඇඟිලි සලකුණු සොයා ගත් බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.

 

118 Views

Comments