මුදල් වංචාවක් සම්බන්ධයෙන් Bandai Namco Holdingsහි සේවකයෙකු සේවයෙන් පහ කෙරේ


ඔහු විසින් සමාගමට යෙන් මිලියන 600 ක පමණ අලාභ හානියක් සිදුකර ඇති බව වාර්තා වේ.

.

Bandai Namco Holdings (HD) ඊයේ(18) නිවේදනය කළේ එහි හිටපු සේවකයකු සිදුකල යෙන් මිලියන 600 ක පමණ අලාභහානියක් සම්බන්ධයෙන් තෝකියෝ දිස්ත්‍රික් අධිකරණයට නඩුවක් පවරා ඇති බවයි. 

අදාල සැකකරු ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් පරිගණක 4400කට අධික ප්‍රමාණයක් අනවසරයෙන් පිටස්තර සමාගම්වලට විකුණා මුදල් වංචා කර ඇතැයි පැවසේ.

ආයතනයේ අභ්‍යන්තර පද්ධතියේ ලියාපදිංචි කර ඇති යන්ත්‍ර සංඛ්‍යාව සහ සත්‍ය වශයෙන්ම භාවිත කරන ලද යන්ත්‍ර සංඛ්‍යාව අතර පරස්පරතාවක් පැවති අතර විමර්ශනයකදී වංචාවක් සිදුව ඇති බව අනාවරණය විය.  

මේ අනුව හිටපු සේවකයා විනය ක්‍රියාමාර්ගයක් ලෙස සේවයෙන් පහ කරන ලදී.

එමෙන්ම Bandai Namco Holdings ආයතනයේ සභාපති Masaru Kawaguchi ගේ මාසික වැටුප මාස තුනකට 30% කින් අඩු කරන බවත්, අනුබද්ධ ආයතනවල විධායකයින් ඇතුළුව විධායකයින් 13 දෙනෙකුට දඬුවම් කරන බවත් නිවේදනය කර ඇත.

 

68 Views

Comments