ජූලි මාසයේ සිට බලපත්‍ර රහිතව විදුලි ස්කූටර පැදවීමට අවසර


අවුරුදු 16 ට අඩු බාල වයස්කරුවන්ට ඒවා පැදවීම තහනම්ය.

.

ජපානයේ විදුලි ස්කූටර භාවිතා කරන්නන්ට ජූලි මාසයේ සිට රියදුරු බලපත්‍රයක් අවශ්‍ය නොවන බව රජය නිවේදනය කර ඇත.

නමුත් වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කරුවන්ට ඒවා පැදවීම තහනම් බවද එම නිවේදනයේ ඇතුළත්.

පැයට කිලෝමීටර් 20ක උපරිම වේගයක් සහිත ස්කූටර සඳහා නව නීති අදාළ වන අතර පදික වේදිකාවල ගමන් නොකිරීම ඇතුළුව බයිසිකල්වල මාර්ග නීතිවලටම පදවන්නන් අනුකූල විය යුතුය.  

ස්කූටර පදවන්නන්ට හිස්වැසුම් පැළඳීම අනිවාර්ය නැත. 

 

 

121 Views

Comments