"තහනම ඉවත් කරන්න!" යුරෝපයෙන් බලපෑම්..


කොවිඩ් හේතුවෙන් පනවා ඇති රටට ඇතුළු වීමේ තහනම වහාම ඉවත් කරන්නැයි...

.

කොවිඩ් හේතුවෙන් පනවා ඇති රටට ඇතුළු ඇතුළු වීමේ තහනම වහාම ඉවත් කරන්නැයි පසුගියදා යුරෝපියානු ව්‍යාපාරික සංසදය ජපානයට බලපෑම් කර සිටියේය.

යුරෝපා මහද්වීපය පුරා විසිරී ඇති ප්‍රබල ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලත් මෙම සංවිධානය ජපානයට අනතුරු අඟවා සිටින්නේ, රට විවෘත කිරීම හැකි ඉක්මනින් නොකළහොත් ඉන් විනාශ වන්නේ ජපන් ආර්ථිකය පමණක් නොව ඉදිරි අනාගතයට ලෝකය භාර ගැනීමට සිටින දක්ෂ නායකයින් බවයි. තවදුරටත් ඔවුන් පවසා සිටින්නේ, ඇති විශාල ශිෂ්‍ය ප්‍රජාවක් සිය උසස් අධ්‍යාපනය ආරම්භ කර ගැනීමට ජපානයට ඇතුළුවීමට නොහැකි ව ඉතා කනස්සල්ලෙන් කල් ගත කරන බවයි. තවද ආයෝජන අවස්ථා වලට ජපානයට ඇතුළුවීමට බලාසිටින ව්යවසායකයින්ට ද මින් එල්ල වී ඇත්තේ මරු පහරක් බව ඔවුන්ගේ අදහසයි.

Comments