ඕසකා ප්රාන්ත පොලිසිය විසින් ඊයේ(19) දින සකායි පොලිස් ස්ථානයේ ප්රාදේශීය කොට්ඨාශයේ සිටි 26 හැවිරිදි පිරිමි පොලිස් නිලධාරියෙකු සිය මෝටර් රථයේ සඟවා ගංජා රැගෙන යාම හේතුවෙන් සේවයෙන් පහ කරන ලදී.
ප්රාන්ත පොලිසියට අනුව අදාල පොලිස් නිලධාරියා 2020 සිට 2022 නොවැම්බර් දක්වා වකයාමා ගංජා සන්තකයේ තබාගෙන දුම් පානය කර ඇත.
මේ අනුව ප්රාන්ත පොලිස් පරීක්ෂණ කාර්යාලයේ ප්රධානී ෂුජි ටබාටා අදහස් දක්වමින් පැවසූවේ පොලිස් නිලධාරියෙකු ලෙස ඔහුගේ අශෝභන හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දැඩි දඬුවම් ලබාදෙන බවයි.