රෝහලේ වරදින් මියගිය රෝගියාගේ ඥාතීන්ට මිලියන 44.5ක වන්දියක්


වයස අවුරුදු 66ක පුද්ගලයෙකු සැත්කමකින් පසු මිය ගියේය. 

.

අයිචි ප්‍රාන්තයේ කොමාකි මහනගර රෝහලේදී උදර ශල්‍යකර්මයකට භාජනය වූ වයස අවුරුදු 66ක පුද්ගලයෙකු සැත්කමෙන් පසු මිය ගියේය.  

මේ අනුව ඔහුගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා ගොනු කළ නඩුව නගෝයා දිසා අධිකරණය හමුවේ ඊයේ(20) කැඳවීය.

එහිදී මුලසුන දැරූ විනිසුරු Naoyuki Iwai වින්දිතයාට යෙන් මිලියන 44.5ක් ගෙවන ලෙස රෝහලට නියෝග කළේය.

අදාල පුද්ගලයා 2019 මාර්තු මාසයේදී ඔහුගේ උදර කුහරයේ ධමනියේ කොටසක් කෘතිම රුධිර නාලයකින් ප්‍රතිස්ථාපනය කිරීමට ශල්‍යකර්මයකට භාජනය විය.  

ශල්‍යකර්මයෙන් පසු මැහුම් දැමූ ධමනිවලින් ලේ ගලා ඇති අතර පැය හතරහමාරකට පමණ පසු රක්තපාත කම්පනය හේතුවෙන් මියගොස් තිබේ.

 

89 Views

Comments