ජපානයේ ප්‍රබලම හිම කුණාටුව 24 සිට 26 දක්වා ජපන් දූපත් සමූහය ආවරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන් අධික හිම පතනයක් සහ පුළුල් ප්‍රදේශයක් පුරා දැඩි ශීතලක් පවතිනු ඇතැයි සැලකේ.
මධ්‍යම තෝකියෝ, ඕසකා, නගෝයා සහ ෆුකුඕකා යන ප්‍රදේශවල අඩුම උෂ්ණත්වය හිමාංකයට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් සිදුවන රථවාහන බාධාවන් පිළිබඳව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානය යොමු කරයි.