Mizuho බැංකු ජාලයේ ATM යන්ත්‍රවල පද්ධතිය, නැවත වතාවක් අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ.
රටපුරා පිහිටි ATM යන්ත්‍ර 90 ට වඩා වැඩි සංඛ්‍යාවක පද්ධතිය ක්‍රියා විරහිත වීම් සහ අවිධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම් වාර්තා වූ බව සැලවේ. කෙසේවෙතත් පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට පැයකට ආසන්න කාලයක් ගත වූ බව පාරිභෝගිකයන් පවසයි. Mizuho බැංකු ජාලය විසින් පසුගියදා ඔවුන් වෙතින් සිදුවුණු පද්ධති බිඳ වැටීම් සියල්ල වෙනුවෙන් වගකීම් භාර ගෙන, ජපාන මුදල් අමාත්‍යාංශය වෙත නැවැත එවැන්නක් සිදුනොවන බවට සහතික වූ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත්කර මසක් යන්නටත් මත්තෙන් නැවතත් මෙම පද්ධති අකර්මණ් වීමක් වාර්තා වීම, Mizuho බැංකුවේ වගකීම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරන සිදුවීමක් බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි.