තෝකියෝ විශ්ව විද්‍යාලයෙන් නවතම අනාවරණයක්


මියගිය හැම්ස්ටර් සතුන්ගේ නාසයෙන් වෛරසය අඩංගු අභ්‍යන්තර වායූන් කාන්දු වී ආසාදනය පැතිර යන බව සොයාගෙන ඇත.

.

කොරෝනා වෛරසය ආසාදනය වූ මියගිය හැම්ස්ටරයෙකුගේ නාසය පිරවුමකින් අවහිර කළහොත් ආසාදනය අනෙකුත් හැම්ස්ටර් සත්ත්වයන් වෙත පැතිරෙන්නේ නැති බව තෝකියෝ විශ්ව විද්‍යාලය සොයාගෙන තිබේ.

මොවුන් වෛරසය ආසාදනය වීමෙන් පසු මියගිය හැම්ස්ටර් සත්ත්වයෙකුගේ නාසය අවහිර කර සජීවී ආසාදිත නොවන හැම්ස්ටර් සත්ත්වයෙකු සමග පැය 24 ක් එකම කූඩුවක තැබූහ.  

මෙහිදී සජීවී සත්ත්වයාට වෛරසය වැළඳුනේ නැත.

ඒ අනුව මියගිය හැම්ස්ටර්ගේ නාසයෙන් වෛරසය අඩංගු අභ්‍යන්තර වායූන් කාන්දු වී ආසාදනය පැතිර යන බව කණ්ඩායම නිගමනය කරන ලදී.  

 

73 Views

Comments