අධික සීතලෙන් ආරක්ෂා වීමට රජයෙන් උපදෙස්


තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය ක්‍රියාමාර්ග කිහිපයක් නිවේදනය කර තිබේ.

.

මේ දිනවල පවතින අධික සීතලෙන් ආරක්ෂා වීමට තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය ක්‍රියාමාර්ග කිහිපයක් නිවේදනය කර තිබේ.

ඒඅනුව පදික මාරුවල සුදු ඉරි ශීත වූ විට ලිස්සන සුළු බැවින් ඇවිදීමේදී ඒ පිලිබඳ සැලකිලිමත් වන ලෙස රජය දැනුම් දෙයි.

මේ අතර හදිසි උෂ්ණත්ව වෙනස හේතුවෙන් ඇතිවන "තාප කම්පනය" කෙරෙහි අවධානය යොමු කිරීම ද අත්‍යවශ්‍ය වේ.

ස්නානය කිරීමට පෙර තම ඇඳුම් පැළඳුම් සහ නාන කාමර උණුසුම් කරන ලෙසත්, නාන තටාකයේ උෂ්ණත්වය අංශක 41ක් හෝ ඊට අඩුවෙන් සකස් කරන ලෙසත් රජය වැඩිදුරටත් දැනුම් දෙයි.

133 Views

Comments