මේ දිනවල පවතින අධික සීතලෙන් ආරක්ෂා වීමට තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය ක්‍රියාමාර්ග කිහිපයක් නිවේදනය කර තිබේ.
ඒඅනුව පදික මාරුවල සුදු ඉරි ශීත වූ විට ලිස්සන සුළු බැවින් ඇවිදීමේදී ඒ පිලිබඳ සැලකිලිමත් වන ලෙස රජය දැනුම් දෙයි.
මේ අතර හදිසි උෂ්ණත්ව වෙනස හේතුවෙන් ඇතිවන "තාප කම්පනය" කෙරෙහි අවධානය යොමු කිරීම ද අත්‍යවශ්‍ය වේ.
ස්නානය කිරීමට පෙර තම ඇඳුම් පැළඳුම් සහ නාන කාමර උණුසුම් කරන ලෙසත්, නාන තටාකයේ උෂ්ණත්වය අංශක 41ක් හෝ ඊට අඩුවෙන් සකස් කරන ලෙසත් රජය වැඩිදුරටත් දැනුම් දෙයි.