ඊයේ(23) ඔයිටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලවලට බෝම්බ තර්ජන මාලාවක් එල්ල වූ අතර සමහර විශ්වවිද්‍යාල හදිසියේම පන්ති අවලංගු කළේය.
ඊයේ උදෑසන බෙප්පු විශ්වවිද්‍යාලයට ෆැක්ස් පණිවුඩයක් ලැබී තිබුණේ බෝම්බ 334ක් අටවා ඇති බව පවසමින් මුදල් යෙන් ලක්ෂ තුනක් ඉල්ලා සිටිමිනි.
ඒ අනුව විශ්ව විද්‍යාලය විසින් බෙප්පු පොලිස් ස්ථානය අමතා කාර්ය මණ්ඩල සාමාජිකයන් ලවා ගොඩනැගිල්ලේ ඇතුළත හා පිටත පරීක්ෂා කිරීමෙන් පසු දහවල් සිට පන්ති අවලංගු කරන ලදී.
Nippon Bunri විශ්ව විද්‍යාලයට සහ Ritsumeikan Asia Pacific විශ්ව විද්‍යාලය වෙතද ෆැක්ස් මගින් මෙවැනිම බෝම්බ තර්ජන එවා ඇත.
ඒ අනුව Nippon Bunri විශ්ව විද්‍යාලය දහවල් පන්ති අවලංගු කළ අතර APU ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු සුපුරුදු පරිදි පන්ති පැවැත්වීය.