නීතිවිරෝධීව මස් නිෂ්පාදන ආනයනය කළ චීන ජාතිකයෙක් අත්අඩංගුවට


ඔහු 50 හැවිරිදි කාර්යාල සේවකයෙකි.

.

ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් 50 හැවිරිදි චීන කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 2018 වසරේ පමණ සිට නීතිවිරෝධී ලෙස චීනයෙන් කුකුළු මස් සහ ඌරු මස් ඇතුළු මස් නිෂ්පාදන කිහිපයක් ගෙනවිත් ඇත.

විමර්ශන මූලාශ‍්‍රවලට අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මුල දක්වා චීනයේ සිට කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකින් මොහු කුකුල් මස්, සොසේජස් සහ අනෙකුත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11.5ක් පමණ රැගෙන ආ බවට සැක කෙරේ.

 

133 Views

Comments