හොංකොං නෞකාවක් ජපන් මුහුදේ මුහුදුබත් වේ


නෞකාවේ චීන සහ මියන්මාර ජාතිකයන් විසි දෙදෙනෙකු සිට ඇත.

.

ඊයේ(24) නාගසාකි ප්‍රාන්තයේ කිලෝමීටර් 110 ක් පමණ බටහිරින් පිහිටි සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) යාත්‍රා කල හොංකොං හි ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් ආපදා සංඥාවක් ලැබී ඇත.

ඒ අනුව තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක තොරතුරු අනුව අද(25) අලුයම 2.45 ට පමණ අදාල භාණ්ඩ නෞකාව ගිලී ඇත.  මුහුදුබත් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ චීන සහ මියන්මාර ජාතිකයන් 22 දෙනෙකු සිටි බවට විශ්වාස කෙරේ.

කෙසේවෙතත් ඒ අසල යාත්‍රා කරමින් තිබූ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ කොරියානු වෙරළාරක්ෂක බලකායේ නෞකාවක්  ඔවුන්ගෙන් 13 දෙනෙකු බේරාගෙන තිබේ.

 

24 Views

Comments