ජපාන දාම වෙළඳසැල් සංගමය ඊයේ(25) නිවේදනය කළේ 2022 දී රට පුරා සුපිරි වෙළඳසැල්වල වාර්ෂික විකුණුම් යෙන් ට්‍රිලියන 13.2656 ක් වන අතර එය පෙර වසරට වඩා 1.9% ක වැඩිවීමක් බවයි.
සංචරන සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමත් සමඟ සංචාර සඳහා පිටතට යාමේ අවස්ථා වැඩි වී ඇති බැවින් නිවාස ආශ්‍රිත භාණ්ඩ අලෙවිය 6.9% කින් වැඩි වී ඇත.
කෙසේවෙතත් ආහාර අලෙවිය මන්දගාමී වී ඇති අතර එය 0.2% කින් පහත වැටුණි.
අර්ධ වශයෙන් ආහාර ගැනීමේ අවස්ථා වැඩිවීම සහ මිල ඉහළ යාම මෙයට හේතුවයි.