Sendai ප්රාන්ත පොලිසියට හදිසි නිරර්ථක දුරකථන ඇමතුම් 440ක් ලබාදෙමින් එහි දෛනික කටයුතුවලට බාධා කළ 51 හැවිරිදි ගුරුවරයෙකු අදාල ප්රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Yoshinori Mito නම් වූ මෙම shibata හි ජීවත්වන රජයේ පාසල් ගුරුවරයා පසුගිය පෙබරවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා අදාල ප්රාන්ත පොලිසිය වෙත වරින් වර දුරකථන ඇමතුම් 440ක් ලබාදෙමින් විටෙක නිශ්ශබ්ද සිට ඇති අතර විටෙක බොරු සිදුවීම් පිළිබඳව තොරතුරු ලබා දී ඇත.
මොහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු කළ වරද කොටසක් පිළිගෙන ඇති අතර එය සම්පූර්ණයෙන් පිළිගැනීම ඔහු ප්රතික්ෂේප කර තිබේ.