Beppu කුළුණ ප්‍රතිසංස්කරණය කෙරේ


එය ලබන 27 වැනිදා යළි විවෘත කෙරේ.

.

ඔයිටා ප්‍රාන්තයේ Beppu නගරයේ සංකේතයක් වන Beppu කුළුණ ප්‍රතිසංස්කරණයකට ලක්ව ඇති අතර එය ලබන 27 වැනිදා යළි විවෘත කෙරේ. 

අළුත්වැඩියා කිරීමේ කටයුතු පසුගිය වසරේ මැයි මාසයේදී ආරම්භ කරන ලද අතර එය අවසන් වන විට කුළුණ සුදු පැහැයක් ගන්නා ලදී.  

මෙම කුළුණ ඉදිකරන ලද්දේ 1957 බෙප්පු ඔන්සෙන් සංචාරක කර්මාන්ත ප්‍රදර්ශනය නිමිත්තෙනි.  එය නිර්මාණය කරන ලද්දේ "භූ කම්පන-ප්‍රතිරෝධී ව්‍යුහයන්ගේ පියා" ලෙස හැඳින්වෙන ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන Tachu Naito විසිනි.  

2007 දී එය සංස්කෘතික දේපලක් ලෙස නම් කරන ලදී.  

 

136 Views

Comments