ජපානයේ යතුරුපැදි අනතුරු රාශියකට හේතුව මහලු රියදුරන් බව හෙළිවේ


මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් මෙය අනාවරණය වී ඇත.

.

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව පසුගිය වසරේ තෝකියෝවේ සිදුවූ මාරක යතුරුපැදි අනතුරුවලින් 70%කට හේතු වී ඇත්තේ වයස අවුරුදු 40 සිට 60 දක්වා වූ මැදිවියේ සහ මහලු ධාවකයන්ය.  

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුව පසුගිය වසරේ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගිය අතර එය පෙර වසරට වඩා පස් දෙනෙකුගේ වැඩිවීමකි.  මෙයින් 28 දෙනෙකු වයස අවුරුදු 40 සිට 60 දක්වා වූ අය වේ.

වැඩි වැඩියෙන් මැදිවියේ සහ මහලු අය යතුරුපැදි පැදවීමට උත්සාහ කරන්නේ කාලය හා මුදල් ඉතිරි කරගැනීමට යැයි විශ්වාස කෙරේ.

155 Views

Comments