දියණිය නොසලකා හැරි දෙමව්පියන්ට සිර දඬුවම්


30 හැවිරිදි කාන්තාවකට සයිටමා දිස්ත්‍රික් අධිකරණය විසින් වසර 6 1/2 ක සිර දඬුවමක් නියම කර ඇත. 

.

2020 සැප්තැම්බර් මාසයේදී මිසාටෝ හිදී සිය මාස 3 ක් වයසැති දියණිය නොසලකා හැරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධයෙන් වරදකරු වූ 30 හැවිරිදි කාන්තාවකට සයිටමා දිස්ත්‍රික් අධිකරණය විසින් වසර 6 1/2 ක සිර දඬුවමක් නියම කර ඇත.  

අසුසා කනායි නම් අදාල සැකකාරිය සහ ඇගේ සැමියා වන 31 හැවිරිදි යුකී කනායි 2021 ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ සිව්වන දියණිය Kia ගේ මරණය සම්බන්ධයෙනුයි.

නඩු පවරන්නන් කියා සිටියේ මොවුන් විසින් අදාල දියණිය රෝහලට රැගෙන නොගිය නිසා ඇය මරණයට පත්වූ බවයි. මරණ පරීක්ෂණයෙන් පෙන්නුම් කළේ දරුවාගේ ඉළ ඇට සහ අනෙකුත් අස්ථි බිඳී ඇති බවයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නඩු විභාගය අවසන් වීමෙන් පසු වසර 10 ක සිරදඬුවමක් නියම වූ යුකී කනායි Kia ට තුවාල කළ බව පිළිගන්නා ලදී.

 

99 Views

Comments