ලූෆි සොයා විමර්ශන දැඩි කෙරේ


ඉනාගි හි සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

.

රට පුරා සිදුවූ සොරකම් රාශියක් පිටුපස සිටින බවට සැක කෙරෙන "ලුෆි" හි ප්‍රධානියා සොයා ගැනීමට පොලිස් නිලධාරීන් මේ දිනවල දැඩි පරිශ්‍රමයක් දරනු ලබයි.

මේ අතරතුර තෝකියෝ නගරයේ ඉනාගි හි සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පසුගිය වසරේ ආරම්භ වූ මංකොල්ලකෑම්වලින් ජපානය කැළඹී ඇති අතර සංකේතාත්මක පණිවිඩ යැවීමේ යෙදුමක් වන ටෙලිග්‍රාම් භාවිතා කරමින් ප්‍රධානීන්ගේ උපදෙස් අනුව මෙම පුද්ගලයින් සොරකම් කරන බව පෙනේ.  

අත්අඩංගුවට ගත් සමහර අයගේ දුරකථන විශ්ලේෂණය කිරීමේදී ඔවුන්ට නම් තුනකින් උපදෙස් ලැබී ඇත. Luffy, Kim සහ Mitsuhashi ඒවා වේ.  

ලුෆීට සම්බන්ධ දුරකථන අංකය අනුව එම පුද්ගලයා පිලිපීනයේ සිටින බව පොලිසිය පවසයි.

 

90 Views

Comments