ළදරු පාසල් දැරියක් ගුරුවරුන්ට අමතකව උද්‍යානයක දමා යයි


මෙසේ ළමා ගොස් ඇත්තේ එක් හැවිරිදි දැරියකි.

.

ඕසකා ප්‍රාන්තයේ ටකට්සුකි නගරයේ සහතික ලත් ළමා මධ්‍යස්ථානයක් වන YMCA Takatsuki Ama ළදරු පාසලේ ගුරුවරු දෙදෙනෙක් මේ මස 16 වන දින වසරක් වයසැති දැරියක් අසල උද්‍යානයක අමතකව දමාගොස් තිබුණි.

ඒ විගසම අසල්වාසී කාන්තාවක් දැරිය තනිව සිටිනු දැක ඇයව ළදරු පාසලට රැගෙන ගොස් ඇත.

පසුව ළදරු පාසල විසින් දැරියගේ භාරකරුගෙන් මේ පිලිබඳව සමාව අයැද සිටි අතර නැවත මෙවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා බවටද පොරොන්දු වී ඇත. 

116 Views

Comments