ඉන්දියාව කියන්නෙ කොහොමත් හරි අමුතු අමුතු දේවල් ඇහෙන රටක්නෙ. විවිධ සංස්කෘතීන් ,විශ්වාසයන් ,ඇදහීම් පිරුණු ඉන්දියානුවන්ගේ ඇතැම් ක්රියා පිළිවෙත් හාස්යටත් බඳුන් වන අවස්ථා එමටයි. මේ කියන්න යන කතාවත් එහෙම එකක්. හැබැයි අසහාය ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ආදරය කරන අයගෙ නම් ඔහු ගැන හිතේ තියෙන භක්තිය තවත් වැඩිවේවි මේ කතාව ඇහුවාම. ඉන්දියාවෙ කොල්කටා ප්රදේශයෙනුයි මේ අපූරු කතාව ඇහෙන්නෙ. අමිතාබ් වෙනුවෙන් තැනුනු දේවාලයක් මෙහි පිහිටා තියෙනවා. දේවාලයක් නම් ඊට අරක්ගත් දෙවියන්ගේ පිළිරුවත් එහි තිබිය යුතුමයිනෙ. මේ දේවාලයත් ඒ විදියට අමිතාබ් දෙවියන්ගේ විශාල ප්රමාණයේ පිළිරුවකින් සමන්විතයි. ඔහුගේ ආශිර්වාදය ලබා ගැනීමට විශාල වශයෙන් රසික පිරිස් බැතිමතුන් ලෙස පැමිණෙන බවයි වාර්තා වෙන්නේ. දිනපතා සවස 6ට මෙහි පූජා පැවැත්වෙනවා.ඒ විතරක්ම නෙවෙයි සෑම ඉරිදාවකම ඔබට ඔහුගේ ආශිර්වාද ලබා ගත හැකියි.ඒ වෙනුවෙන්ම වරම් ලද කපු මහතෙක් ද එහි සිටින බවයි වාර්තා වෙන්නෙ. ආකර්ෂණීය නිමාවක් සහිත මේ දෙවොල අමිතාබ්ගේ ඡායාරූප විශාල ප්රමාණයකින් ද සමන්විත වෙනවා. ඔවුන් විශ්වාස කරන අන්දමට මේ දෙවොලට ගොස් ලබන ආශිර්වාදයෙන් රංගනයට වරම් ලැබෙන බවයි ඔවුන්ගේ පිළිගැනීම. දේව ආශිර්වාදය ලබා ගැනීමට සැලකිය යුතු ප්රමාණයක පිරිසක් දෙවොලට පිටත රැඳී සිටින බවයි පැවසෙන්නේ... ඔන්න ඉන්දියාවේ සංචාරය කරන්න අදහසක් එහෙම තියෙනව නම් මේ දේවාල බිමට ගොඩවදින්නත් අමතක කරන්න එපා...
Address:
10A, Shri Dhar Roy Road, Kustia, Kolkata, West Bengal 700039, India