යෝධ දැල්ලෙකුගේ සිරුරක් කසුමි වෙරළෙන් හමුවේ


දැල්ලාගේ පාදයේ කෙළවර දක්වා සම්පූර්ණ දිග මීටර් 6.5 ක් පමණ වේ.

.

උසස් පාසල් සිසුවෙකු විසින් හ්යෝගෝ ප්‍රාන්තයේ කමි-චෝ හි කසුමි වෙරළ තීරයේ දී මියගිය යෝධ දැල්ලෙකු සොයාගෙන තිබේ.

ඒ අනුව  සමුද්‍ර සංස්කෘතික කෞතුකාගාරය එය භාරගෙන අධිශීතකරණයක ගබඩා කර ඇත.

දැල්ලාගේ පාදයේ කෙළවර දක්වා සම්පූර්ණ දිග මීටර් 6.5 ක් පමණ  වන අතර ඇස්වල විශ්කම්භය සෙන්ටිමීටර 10කට ආසන්නය. 

පසුගිය 12 වැනිදා කසුමි උසස් පාසලේ සිසුන් ෂිමෝහාමාහි කසුමි වෝඩ් හි බෝට්ටු ගබඩාව අසල පුහුණුවීම්වල යෙදී සිටියදී ගල්පර අතර තිබී මෙම යෝධ දැල්ලා හමුවිය.

 

122 Views

Comments