සොරකම හාස්‍යයට ලක් වේ


පසුගියදා "Namara Entertainment" කාර්යාලයේ යෙන් ලක්ෂ දෙකක පමණ මුදලක් සොරාගෙන ගොස් තිබුණි.

.

පසුගිය 18 වැනිදා අලුයම කිසියම් පුද්ගලයෙකු විසින් Niigata නගරයේ Chuo Ward හි ප්‍රහසන කුසලතා ඒජන්සියක් වන  "Namara Entertainment" කාර්යාලයට කඩා වැදී යෙන් ලක්ෂ දෙකක පමණ මුදලක් සොරාගෙන ගොස් තිබුණි.

මේ අනුව විකට නළුවන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 5ක් විසින් සොරකම තේමා කර ගනිමින් විකට නාට්‍යයක් පසුගියදා ඉදිරිපත් කරන ලදී.  

කෙසේවෙතත් ප්‍රාන්ත පොලිසිය තවමත් සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව ද වාර්තා වේ.

121 Views

Comments