Lawson නිෂ්පාදන 12ක බර ප්‍රමාණ 47% කින් වැඩි කරයි


මේ බව ලෝසන් සමාගම අද(30) නිවේදනය කරන ලදී.

.

පෙබරවාරි 6 වැනිදා සිට පැස්ටා, බත් බෝල, රසකැවිලි ඇතුළු නිෂ්පාදන 12ක බර ප්‍රමාණ වැඩි කරමින් මිල නොවෙනස්ව අලෙවි කරන බව ලෝසන් සමාගම අද(30) නිවේදනය කරන ලදී.

ඒ අනුව මෙම නිෂ්පාදනවල පරිමාව 47%කින් පමණ වැඩි වනු ඇත.  

උද්ධමනයෙන් පීඩා විඳින කුටුම්භයන්ට සහාය වීමට ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පෙබරවාරි 7 වැනිදා සිට අලෙවි කෙරෙන Manpuku Neapolitan නූඩ්ල්ස්හි ප්‍රමාණය ඉහළ නංවන අතර ජපන් ක්‍රමයේ Sea Chicken Mayonnaise Onigiriහි අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වනු ඇත.

 

141 Views

Comments